පාසල් ගීතය
සැරද සදා ජය කෙහෙළි නගා
අප මහ විදුහල් මෑණි
කළුබෝවිටියන සුපතල සිප්හල
කිතුගොස දස දෙස පතුරමිනී
රූරා හලෙනා දිය දහරාවෝ
අප පා සිපගෙන සනසායේ
මාතෘ භුමියට සුවසෙත සලසයි
අපගේ අමයුරු භාග්‍යනී
ඔබ දෙන සිප්සත නොමදව ලබමින්
ජය මාවත දෙස පා ඔසවා
විදුණැන එළියෙන් සපිරුණු ගුණයෙන්
ඔබෙ නම සුරකිමු ජය රන්දා
පුරාතනේ විසු හෙළ රණ විරුවෝ
ඔබ පිය සේ සිට ජය ලැබුවෝ
ඒ උදාර විරුවන් පෑ ජයගොස
රැක දේ භාග්‍ය වූ ඔබෙ දරුවෝ
සැරද සදා ජය කෙහෙළි නගා...../