
1955 වර්ෂයේ උස්බිම් ජනපද ව්‍යාපාරය යටතේ කළුබෝවිටියන ජනපදය පිහිටුවීමත් සමග මාතර දිස්ත්‍රික්කයේ සෑම පළාතකම ජනයා කළුබෝවිටියන ජනපදයේ ඉඩම්වල තේ වැවීම සදහා පදිංචියට පැමිණියහ.මේ හේතුවෙන් ගමේ ජනගහනයද සීග්‍රයෙන් වැඩි වූ අතර පාසලේ ශිෂ්‍ය ගහණයද ඇඩි වන්නට විය.ඒ සදහා අලුතෙන් ගුරුවරුන් හා ගොඩනැගිලි ද පාසලට එකතු විය.1963.09.23 වන දින ඒ.සේනානායක විදුහල්පතිතුමා විසින් ලියන ලද පාසලේ ඇති පැරණිම ලොග් පොත් වාර්තාවට අනුව එවකට ශිෂ්‍ය සංඛ්‍යාව 204කි.ඇදුරු මඩුල්ල 07කි.1968 වර්ෂය වන විට සිසුන් සංඛ්‍යාව 361 දක්වා වර්ධනය වී තිබේ.